අධික රස්නයෙන් ඇඟට වෙන හානිය වළක්වා ගන්නේ කොහොමද ?

Dehydration Sunburn Heatstroke

දරාගන්න බැරි තරම් රස්නයක් තියෙන දවස්වලත්, ඔබ අව්වට යනවද ? 🥵  එහෙම නම් විජලනය(dehydration) නවත්තගන්න විදිය ඔයා දැනගෙනම ඉන්න ඕනි

අධික රස්නයෙන් ඔබේ ඇඟට වෙන හානිය (dehydration) වළක්වා ගන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාවේ ගොඩක් පළාත් වලට අධික රස්නයක් තිබෙනවා. ඉතින් අධික රස්නය නිසා ඇඟට වෙන හානි වලට ප්‍රධාන හේතුව වෙන්නේ ඔබේ ඇඟේ තියෙන ජලය, සම හරහා, දහඩිය විදිහට වාෂ්ප වීම.

දහඩිය නිසා ඇඟේ තියෙන ජලය වගේම, ලවණ වර්ගත් ඔබේ ඇඟෙන් ඉවත් වෙනවා. මේ සිදුවීම වෛද්‍ය විද්‍යාවේදී dehydration විදියට හඳුන්වනවා. 💧

ඔබේ ඇඟට දැනෙන උෂ්ණය පාලනය කරන්න, සමේ තියෙන රුධිරවාහිනී විශාල වෙලා, හමට එන රුධිර ප්‍රමාණය වැඩිවෙනවා. මේ රුධිරයේ තියෙන තාපය භාවිතා කරලා තමයි, ස්වේද ග්‍රන්ථි (sweat glands) වලින් නිපදවෙන දහඩිය වාෂ්ප වෙන්නේ. මේ නිසා ඇඟෙන් රස්නය ඉවත් වෙනවා. 🫧

නමුත් අධිකව දහඩිය දැමීම නිසා ඇඟේ රුධිර පරිමාව අඩු වෙලා, මොළයට යන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. මේ නිසා තමයි තද අවුවේ හිටගෙන ඉන්නකොට කලාන්ත ගතියක් ඇති වෙන්නේ.

කලාන්ත ගතියට අමතරව, තද රස්නය නිසා, මස්පිඬු පෙරළීම්, සමේ ආසාදන (heat rash), ඊට අමතරව, දරුණු තත්ත්වයක් වෙන heatstroke වලදී සිහි නැතිවීම, වලිප්පුව (convulsion) පවා ඇති වෙන්න පුළුවන්. 😵‍💫

අධික රස්නය නිසා සිදුවන මේ අනතුරු වලින් බේරෙන්නේ කොහොමද ?

  • පිපාසය දැනෙන තුරු ඉන්නේ නැතිව, හොඳින් වතුර පානය කරන්න. නිතරම ඔබ ලඟ වතුර බෝතලයක් තබාගන්න. විශේෂයෙන් තද අව්වේ ඉන්න වෙලාවට ඇඟ විජලනය වෙන්න නොදී වතුර බොන්න. 🥤
  • ලා පාට සැහැල්ලු කපු ඇඳුම් අඳින්න. තොප්පි භාවිතා කරන්න. අව්වට යන්න වෙනව නම් කුඩයක් ඉහලගෙන යන්න අමතක කරන්න එපා. ☂️
  • උෂ්ණත්වය වැඩිම වෙලාව වන උදේ 11ත් හවස 3ත් අතර කාලයේ, අවශ්‍යම දේකට ඇරෙන්න අව්වට නිරාවරණය වෙන්න එපා. 😶‍🌫
  • තද අව්වේ මොනවා හරි වැඩක් කරනවා නම් සැරින් සැරේට, අව්ව නැති තැනකට වෙලා විවේකයක් ගන්න.
  • ඒ වගේම මුලින් සඳහන් කරපු, තද රස්නය නිසා ඇතිවෙන ආබාධ තත්ත්ව ඇඟට දැනෙනවා, නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
  • අධික රස්නයට අමතරව, මේ දිනවල ඉර එළියේ, UV කිරණ ප්‍රතිශතයක් ඉතාම වැඩියි. UV කිරණ වලට වැඩි වේලාවක් නිරාවරණය වුණොත්, ඇසේ සුද, සමේ පිළිකා ඇතිවීමට ඉඩක් තියෙනවා.🌤️
  • ඒ නිසා අව් කණ්ණාඩි (sunglasses) පැළඳීම සහ SPF අගය 30ට වැඩි  sunblock ආලේපන භාවිතා කිරීම මගින්, ඔබට UV කිරණ වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. 😎
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x
Scroll to Top