⚠️ඔබේ සම මත තිබෙන සුදුමැලි හෝ රතු පැහැති ලප ලාදුරු නිසා ඇතිවූ ඒවා විය හැකියි ⁉️
ලාදුරු රෝගය (Leprosy) බැක්ටීරියාවක් මගින් බෝවන, සමට සහ ස්නායු වලට හානි ඇති කරන රෝගයක්. 🦠
ලාදුරු තවමත් ලංකාවේ තිබෙනවා! ශ්‍රී ලංකාව තුළ, වසරකට නව ලාදුරු රෝගීන් 2000ක් පමණ හඳුනා ගැනෙනවා.
ලාදුරු රෝගය (Leprosy) හඳුනාගැනීමට ප්‍රමාද වී, ප්‍රතිකාර ගැනීම ප්‍රමාද වුණොත්, ⌛
- ඇඟිලි වකුටු වීම සහ කෙටි වීම
- අත් පා වල අප්‍රාණික භාවය
- උෂ්ණත්වය ස්පර්ශය වැනි සංවේදීතා නැති වීම
වැනි ආබාධ ඇති වෙන්න පුළුවන්.
මේ නිසා ලාදුරු රෝගයේ ලක්ෂණ ගැන දැනුවත් වී, කල් තියා රෝගය හඳුනා ගැනීම ඉතාම වැදගත්.
ලාදුරු රෝගයේදී (Leprosy) ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?🤔
- ⭕ සමේ සුදු මැලි හෝ රතු පැහැති ලප හෝ පලු මතුවීම.
- එම ලප සුළු වශයෙන් හෝ සම්පූර්ණයෙන් දැනීමෙන් තොර විය හැකියි.
- ලාදුරු රෝගයේදී පාට අඩු ලපයේ කැසීම, රිදීම නැත, මුහුනේ හැර අනෙක් ප්‍රදේශවල නමි හිරි ගතියපවතී .
- ⭕ මුහුණේ, කන් පෙති වල රතු පැහැ ඝන වීම් හෝ ගැටිති ඇතිවීම.
- ⭕ අත් පා වල හිරි ගතියක් ඇතිවීම.
ඔබේ සමේ ලාදුරු රෝග ලක්ෂණයක් යැයි සැක කරන්න පුළුවන් ලපයක් හෝ කැළලක් තිබෙනවා නම්,
මධ්‍යම ලාදුරු එකකයේ whatsapp අංකයට ( 0754088604), සමෙහි ලපය ඇති ස්ථානයේ පැහැදිලි ඡායාරූපයක් යොමු කිරීම මගින්,
ඔබට වෛද්‍යවරයකු සමග සම්බන්ධ වී අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් whatsapp තාක්ෂණය ඔස්සේම ලබා ගන්නට පුළුවන්. 👨⚕👩⚕
ඔබට ලාදුරු රෝගයේ තිබෙන බවට තහවුරු වුණොත්, ලාදුරු සායනයකට සම්බන්ධ වී සම්පූර්ණ කාල සීමාව පුරා (මාස 6-24) ප්‍රතිකාර ගත්තොත් රෝගය පහසුවෙන් නිට්ටාවට සුව කිරීමට පුළුවන්. ✨
ළඟම රෝහලේ සමේ රෝග සායනයෙන් හෝ ඔබ කොළඹ ප්‍රදේශයේ සිටින්නේ නම් කොළඹ ජාතික රෝහලේ කාමර අංක 12 වෙත කෙලින්ම පැමිණෙන්න.
ප්‍රතිකාර නොකඩවා ගන්නා රෝගීන්ගෙන්, වෙනත් අයට රෝගය බෝ වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි රෝගීන්ගේ දින ජීවිතයේ කටයුතුවලට බාධාවක් සිදු වෙන්නේ නැහැ.
ශ්‍රී ලංකාවේ බොහෝ රෝගීන් ලාදුරු සායනවලට පැමිණෙන්නේ රෝගයේ පසු අවධි අවස්ථා වලදීයී. මේ නිසා ලාදුරු රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් භාවය ඇතිකර, ලාදුරු රෝගය අවම කිරීමට දායක වීම අප සැමගේ වගකීමක්.