ජඩෙල් තැන්පතුව (Jadelle implant) ගැන දැනගමු !
උපත් පාලන ක්‍රමයක් විදියට භාවිතා වෙන, Jadelle implant, එහෙමත් නැත්නම් කාන්තාවන්ගේ හමට යටින් තැන්පත් කරන කරල් ගැන ඔබ දන්නවාද ?
Jadelle තැන්පතුව දැනට තියෙන සාර්ථකම උපත් පාලන ක්‍රමයක්. ඔබ ලබාගන්නා Jadelle වර්ගය අනුව, අවුරුදු 3ක් දක්වා හෝ අවුරුදු 5ක් දක්වා, අනවශ්‍ය දරු උපත් ඇතිවීම, මේ මඟින් වළක්වා ගන්න පුළුවන්.
🔰 Jadelle implant එක තැන්පත් කරන්නේ කොහොමද ?
වෛද්‍යවරයෙක් විසින්, මේ සිලිකන් කූරු දෙක, කාන්තාවගේ උඩු බාහුවේ ඇතුළු පැත්තේ, හමට යටින් තැන්පත් කරනවා. හමේ අදාළ ප්‍රදේශය විතරක් නිර්වින්දනය කරලා ( හිරිවට්ටලා ), Trocar කියන උපකරණය මඟින්, මෙම කූරු දෙක හමට යටින් ඇතුළු කරනවා.
🔰 Jadelle implant එක තැන්පත් කළ යුත්තේ මොන වෙලාවේ ද ?
- ✔️ ඔසප් වීම ආරම්භ වෙලා පළවෙනි දින 5 ඇතුළත,
- ✔️ දරු උපත සිදුවෙලා සති 6කින් පසුව, Jadelle එක තැන්පත් කරන්න පුළුවන්
🔰 Jadelle implant එක තැන්පත් කළාට පසුව, වැඩ කරන්න කොයිතරම් කාලයක් ගත වෙනවාද ?
- ✔️ ඔසප් වීම ආරම්භ වෙලා දවස් 5ක් ඇතුළත තැන්පත් කළා නම්, පැය 24කින් උපත් පාලන ක්‍රියාවලිය ආරම්භ වෙනවා.
- ✔️ ආර්ථව චක්‍රයේ වෙනත් දවසක තැන්පත් කළොත්, දින 7ක් යනතුරු උපත් පාලන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ නැහැ. ඒ කාලය පුරා කොන්ඩම් වැනි වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කළ යුතුයි.
🔰 Jadelle implant එක තැන්පත් කළාට පසුව, ඔබට යළිත් දරුවෙක් හදන්න ආසාවක් ඇති වුණොත් මොකද කරන්නේ ?
💠 Jadelle තැන්පතුවේ තිබෙන විශේෂම වාසිය තමයි, තැන්පතුව ඉවත් කලාට පසු ඉතා ඉක්මනින් ( සතියකට අඩු කාලයකින් ) සරු බව ඇතිවීම. Jadelle එක මගින් ඔබට දරුවෙකු හැදීමේ ඇති හැකියාවට, කිසිම ස්ථිර බලපෑමක් සිදුවන්නේ නැහැ.
ඔබට දරුවෙකු හැදීමට ආසාවක් ඇතිවන ඕනෑම වෙලාවක, වෛද්‍යවරයකු ළඟට ගිහින් Jadelle තැන්පතුව ඉවත් කරගන්න පුළුවන්.
🔰 මීට අමතරව Jadelle තැන්පතුවේ වාසි මොනවාද ?
- ✅ මේ මඟින් මව්කිරි ලබාදීමට කිසිම ගැටලුවක් ඇති වන්නේ නැහැ.
- ✅ වසර පහක් වැනි දීර්ඝ කාලයක් උපත් පාලන ක්‍රියාවලිය සිදුකරනවා.
- ✅ ලිංගිකව එක්වීමට පෙර හෝ පසු, උපත් පාලනය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු නැහැ. Jadelle තැන්පතුව මඟින් අවශ්‍ය උපත් පාලන ක්‍රියාවලිය සිදු කරනවා
🔰 Jadelle තැන්පතුවේ අවාසි මොනවාද ?
- ⚠️️ තැන්පතුව ඇතුලත් කිරීම හා පිටතට ගැනීම වෛද්‍යවරයකු විසින් සිදු කළ යුතුයි.
- ⚠️️ ආර්ථව චක්‍රයේ වෙනස්වීම් ඇතිවීමට ඉඩ තිබෙනවා.
- ⚠️️ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට එරෙහිව ආරක්ෂාව සැපයෙන්නේ නැහැ.
🔰 Jadelle තැන්පතුව වැඩ කරන්නේ කොහොමද ?
Jadelle තැන්පතුවේඇති ප්‍රෙජෙස්ටරෝන් ( Levonogestrol ) හෝමෝනය, තැන්පත් කිරීමෙන් පසුව, දිග කාලයක් පුරාවට, වරකට කුඩා ප්‍රමාණවලින්, ශරීරයට නිදහස් වෙනවා.
ප්‍රෙජෙස්ටරෝන් හෝමෝනය මඟින්,
- ✔️ ඩිම්බ මෝචනය වැළකෙනවා.
- ✔️ ගැබ් ගෙලේ ශ්ලේෂ්මල පටලය ඝනකම් කර, ශුක්‍රාණු ගර්භාෂය තුළට ඇතුළු වීම වළක්වනවා.
🔰 Jadelle තැන්පතුව ලබා ගන්නේ කොහෙන්ද ?
ප්‍රධාන රෝහල් හා අනුබද්ධිත පවුල් සැලසුම් ඒකක වලින්, ඔබට Jadelle තැන්පතුව නොමිලේ ලබා ගන්න පුළුවන්.
011 2 832 950, 011 2 832 990 – පවුල් සැලසුම් ඒකකය – දකුණු කොළඹ ශික්ෂණ රෝහල