තද රස්නය නිසා ඇති වෙන අසනීප වලින් බේරෙමු !

Heatstroke

මැරෙන්න තරම් රස්නයක් තියෙන මේ දවස්වල, Heatstroke වගේ අසනීප වලින් ජීවිතය බේරා ගන්න නම්, ඔබ මේ දේවල් දැනගෙනම ඉන්න ඕනි !

  • පිපාසය දැනෙන තුරු ඉන්නේ නැතිව, හොඳින් වතුර බොන්න.
  • තද අව්වේ ඉන්නවා නම් ඔබ ලඟ වතුර බෝතලයක් තබාගෙන ඇඟ වේලෙන්න නොදී නිතර වතුර බොන්න.
  • ලා පාට සැහැල්ලු කපු ඇඳුම් අඳින්න. තොප්පි සහ කුඩ භාවිතා කරන්න.
  • උෂ්ණත්වය වැඩිම වෙලාව වෙන, උදේ 11ත් හවස 3ත් අතර කාලයේ, අව්වට නිරාවරණය වෙන්න එපා.
  • තද අව්වේ වැඩකරනවා නම් සැරින් සැරේට, හෙවණකට වෙලා විවේකයක් ගන්න.

මේ දිනවල ඉර එළියේ, UV කිරණ ප්‍රතිශතයක් ඉතාම වැඩියි.

UV කිරණ වලට නිරාවරණය වුණොත්, ඇසේ සුද, සමේ පිළිකා ඇතිවීමට ඉඩක් තියෙනවා.

  • Sunglasses පැළඳීම සහ SPF අගය 30ට වැඩි sunblock ආලේපන භාවිතා කිරීම මගින්, ඔබට UV කිරණ වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

තද අවුවේ දිග වේලාවක් ඉන්නකොට කලාන්ත ගතියක් ඇති වෙන්න පුළුවන්. 

Muscle Cramps, සමේ ආසාදන (heat rash)

heatstroke වලදී සිහි නැතිවීම, වලිප්පුව (convulsion) පවා ඇති වෙන්න පුළුවන්.

අධික රස්නය නිසා ඔබේ ඇඟේ තියෙන ජලය, සම හරහා, දහඩිය විදිහට වාෂ්ප වෙනවා.

දහඩිය නිසා ඇඟේ තියෙන ජලය වගේම, ලවණ වර්ගත් ඔබේ ඇඟෙන් ඉවත් වෙනවා. – dehydration

ඔබේ ඇඟට දැනෙන උෂ්ණය පාලනය කරන්න, සමේ තියෙන රුධිරවාහිනී විශාල වෙලා, හමට එන රුධිර ප්‍රමාණය වැඩිවෙනවා.

මේ රුධිරයේ තියෙන තාපය භාවිතා කරලා තමයි, ස්වේද ග්‍රන්ථි (sweat glands) වලින් නිපදවෙන දහඩිය වාෂ්ප වෙන්නේ. මේ නිසා ඇඟෙන් රස්නය ඉවත් වෙනවා.

නමුත් අධිකව දහඩිය දැමීම නිසා ඇඟේ රුධිර පරිමාව අඩු වෙලා, මොළයට යන රුධිර ප්‍රමාණය අඩු වෙනවා.

මේ නිසා තමයි තද අවුවේ හිටගෙන ඉන්නකොට කලාන්ත ගතියක් ඇති වෙන්නේ

guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x
Scroll to Top