නාසයෙන් සොටු දියර ගැලීම සහ කිවිසුම් යාම

Allergic rhinitis

ඔබත් නාසයෙන් සොටු දියර ගැලීම සහ කිවිසුම් යාම (Allergic rhinitis) නිසා පීඩාවට පත් වෙනවාද ? 🤧 මේ තත්ත්වය පාලනය කරන්නේ කොහොමද කියා ඔබ දන්නවාද? 🤔

ඔබට මෙම රෝග ලක්ෂණ ඇති වීමට බලපාන සුලබතම රෝගය වන්නේ, Allergic rhinitis නමින් හැඳින්වෙන, නාස් කුහරයේ ආවරණ පටලවල ඇතිවන ප්‍රදාහ (inflammation) තත්ත්වයක්. 👃

මෙම රෝගය ආරය නිසා ( පවුලේ අයට රෝගය තියෙනවා නම් ), ඔබටත් ඇතිවෙන්න පුළුවන්. මෙම රෝගය තියෙන අයගේ නාස්කුහරය ආවරණය ඉතා සංවේදීයි. 👨‍👩‍👧‍👦

මෙම රෝගය තිබෙන කෙනෙක්, අසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය වලට නිරාවරණය වුනොත් නාස්කුහරය ඉදිමීම සහ ශ්ලේෂ්මල නිෂ්පාදනය වැඩි වීම සිදුවෙනවා. 😷

අසාත්මිකතාවය (Allergic rhinitis) ඇති කරන ද්‍රව්‍ය මොනවාද ? 😧

  • දූවිලි සහ දූවිලි මයිටාවන් (House dust mite)
  • සුරතල් සතුන්ගේ ලොම්
  • මල්වල රේණු සහ පරාග

මෙම රෝගයේ දී සොටු දියර ගැලීම සහ නාසය තදවීම නිසා අධික ලෙස කිවිසුම් යාම සිදු වෙනවා.

ඊට අමතරව රෝග ලක්ෂණ විදියට, 🤧

  • හිසරදය සහ හිසේ බර ගතිය 😣
  • නාසය අවහිරවීම නිසා කටින් හුස්ම ගැනීම 😮‍💨
  • ඇස් රතුවීම 😵‍💫
  • උගුරේ වේදනාව
  • කනේ වේදනාව සහ කන් ඇසීම අඩුවීම 🧏

වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා.

මෙම රෝගය පාලනය කිරීමට ඇති ප්‍රධානතම ක්‍රමය වන්නේ අසාත්මිකතාව ඇතිකරන දේවල් වලින් ඈත් වීමයි. 🧘

  • දූවිලි සහිත පරිසරය හැකිතරම් මග හැරීම සහ දූවිලි සහ මයිටාවන් තුරන් කිරීමට නිවස දිනපතා පිරිසිදු කිරීම. 🧹
  • බල්ලන් පූසන් වැනි සුරතල් සතුන් ඇති කරනවානම් සතියකට වරක්වත් පිරිසිදු කරන්න. 🐕🐈

ඔබේ එදිනෙදා කටයුතුවලට බාධා වන තරමට, රෝගය උත්සන්න වෙලා නම්, එයට ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. 👨‍⚕

මෙම රෝගයට ප්‍රතිකාර ලෙස, නාසයේ ඉදිමුම අඩු කිරීමට Topical steroids නාසයට දමන බිංදු ලෙස ලබාදෙන අතර,

අසාත්මිකතාවය පාලනය කිරීමට antihistamines, පෙති වශයෙන් ලබා දෙනවා. 💊

වෛද්‍ය උපදෙස් අනුව එම ඖෂධ නිවැරදිව ලබා ගත්තොත්, ඔබට මෙම රෝගය හොඳින් පාලනය කිරීමට පුළුවන්. 👩‍⚕👨‍⚕

guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x
Scroll to Top