පොදු වැසිකිළි භාවිතා කළොත් ඔබට HIV/AIDS බෝවෙනවා ද ? 🤔
මේ දිනවල ශ්‍රී ලංකාවේ වාර්තා වන HIV රෝගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් තියෙනවා. මේ නිසා, HIV රෝගියෙකුගෙන්, ඔබට HIV බෝවෙන්න පුළුවන් ක්‍රම දැනගැනීම, ඉතාම වැදගත්!
HIV වෛරසය ඔබේ ඇඟට ඇතුළු වුණොත්, මේ වෛරසයට පුළුවන්, ටිකෙන් ටික ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය, ඒ කියන්නේ රෝග වලට විරුද්ධව ඔබේ ඇඟ දක්වන ප්‍රතිරෝධය දුර්වල කරන්න. මේ නිසා ඔබ ඉතා පහසුවෙන් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. 🦠
HIV වෛරසය ඇඟට ඇතුළු වෙලා, වසර 8-10ක් යනතුරු රෝග ලක්ෂණ ඇති නොවෙන නිසා, HIV ආසාදිත රෝගියෙකු වුණත් ඒ වෙනතුරු, තමන්ගේ ඇඟේ වෛරසය තිබෙනවා කියලා දන්නෙ නැහැ. 😕
HIV ආසාදිත රෝගියෙකුගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාව තමයි, AIDS කියලා හඳුන්වන්නේ.
AIDS රෝගියෙකුගෙන් වගේම, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන HIV රෝගියෙකුගෙන් වුණත්, නිරෝගී පුද්ගලයකුට HIV ආසාදනය වෙන්න පුළුවන්.
HIV/AIDS ඔබට ආසාදනය වෙන්නේ කොහොමද? 🤔
HIV/AIDS ආසාදිත රෝගියෙකුගේ ශරීර තරල ඔබේ ශරීරයට ඇතුළු වුණොත් ඔබට රෝගය බෝවෙන්න පුළුවන්. මෙහෙම වෙන අවස්ථා තමයි,
- HIV රෝගියෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම
- HIV ආසාදිතයකුගේ රුධිරය හෝ රුධිර නිෂ්පාදන ශරීරයට ඇතුල් වීම – මෙය රුධිර පාරවිලයනයක දී හෝ, එන්නත් කටු හවුලේ භාවිතා කිරීම නිසා වෙන්න පුළුවන්.
- HIV ආසාදිත මවකගෙන් දරුවාට, ගැබිනි කාලයේ දී, දරු උපතේදී හෝ මව්කිරි දීමෙන්
HIV බෝවෙන්න පුළුවන්.
HIV/AIDS රෝගය බෝවීම වළක්වා ගන්න,
- ලිංගිකව එකතු වන විට කොන්ඩමයක් භාවිතා කරන්න
- HIV ආසාදිත විය හැකි බවට සැකයක් තිබේ නම්, ගර්භනී වීමට උත්සාහ කිරීමට පෙර, HIV පරීක්ෂාවක් සිදු කර ගන්න
- එන්නත් කටු හවුලේ භාවිතා නොකරන්න
HIV/AIDS බෝ නොවන ක්‍රම මොනවාද?
- වැසිකිළි අසුන් වලින්
- ආසාදිතයෙකු ස්පර්ශයෙන් හෝ අතින් ඇල්ලීමෙන්
- ආසාදිතයෙකු සමග සමග එකට සිටීමෙන්, ස්නානය කිරීමෙන් හෝ ඇඳුම් ඇඳීමෙන්
- සාමාන්‍ය සිප වැළඳ ගැනීම් වලින්
- ආසාදිතයෙකු භාවිතා කළ පිඟන්, කෝප්ප, තුවා, දුරකථන භාවිතා කිරීමෙන්
- කැස්ස හෝ කිවිසුම් මඟින්
- මදුරුවන් හෝ මැස්සන් මඟින්
HIV වෛරසයට ජීවත් වෙන්න පුළුවන් මිනිසාගේ සජීවී සෛල තුළ පමණයි. හිරු එළියෙන් වෛරසය විනාශ වෙනවා. ශරීරයෙන් පිටත වෛරසය ආසාදන හැකියාව පවතින්නේ පැය කිහිපයක් යනතුරු පමණයි.🤗
මේ නිසා, මුලින් සඳහන් කරපු, රෝගය බෝවිය හැකි අවදානම් සහිත ක්‍රියා නොකරනවානම්, HIV රෝගියෙකු සමඟ ජීවත් වූ පමණින් ඔබට රෝගය බෝවන්නේ නැහැ. 🥰
මේ නිසා යම් අයෙකු HIV ආසාදිතයකු වූ පමණින්, ඔවුන්ව කොන් කිරීම, ප්‍රතික්ෂේප කිරීම, හිරිහැර කිරීම, තදබල වරදක්. HIV ආසාදිතයන්ට ඒ විදිහට හිරිහැර වුණොත්, ඔවුන් ප්‍රතිකාර ගැනීමට යොමුවීමට පවා, පසුබට වෙන්න පුළුවන්. 🫂
HIV රෝගය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට නම් අප විසින් HIV රෝගීන්ට සාමාන්‍ය පරිදි සැළකිය යුතුයි. ඔවුන්ව ප්‍රතිකාර ගැනීමට උනන්දු කළ යුතුයි. සමාජයේ ඔවුන්ට ආරක්ෂිතව, මානසික සුවයෙන් ජීවත්විය හැකි වටපිටාවක් ඇති කළ යුතුයි. 🤝
අප සියලු දෙනා අපේ වගකීම ඉටු කළොත්, HIV/AIDS වලින් තොර ශ්‍රී ලංකාවක් ඇති කිරීමට අපට හැකියාව තිබෙනවා. ❤️