මත් වතුර බොන, දුම්පානය කරන, බුලත්විට සපන ඔබේ හිතවතුන්ට, මුඛ පිළිකාව සෑදීම වළකා ගන්නේ කොහොමද ? 🫢

Oral cancer

ශ්‍රී ලංකාවේ පිරිමි අයට වැඩිපුරම හැදෙන පිළිකාව වන්නේ මුඛ පිළිකාවයි (Oral cancer).

ඔබේ කටේ පිළිකාවක් (Oral cancer) ඇතිවීමට පෙර, කටේ වෙනස්කම් කිහිපයක් සිදු වෙනවා.

  • කාලයක් පවතින රතු හෝ සුදු ලප
  • මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක්
  • තොල් සහ කම්මුලේ ඇතුල් පැත්ත ඝනවීමක්, සුදුමැලි වීමක්
  • කාලයක් තියෙන සුව නොවන තුවාලයක්

මේ වෙනස්කම් හඳුනා ගැනීමට නම්, ඔබ මාසයකට වතාවක් වත් කණ්ණාඩියකින් බලමින් ඔබේ ඔබේ කට ඇතුල පරීක්ෂා කළ යුතුයි.

කට ඇතුළ පරීක්ෂා කිරීමේදී

  • ඇඟිලි වලින් තොල පිටතට පෙරළා, තොලේ ඇතුළු පැත්තත්,
  • කම්මුලේ ඇතුළු පැත්තත්,
  • දිව පිටතට ඇද දිවේ හැම පැත්තක්මත්,
  • දිව උඩුතල්ලේ ගාවා දිවේ යටි පැත්තත්, මුඛයේ පතුලත්

ඔබේ මුඛයේ එහෙම වෙනස් කමක් තිබෙනවා නම් හෝ,

  • දවසකට බුලත් දෙක තුනකට වඩා සපනවා නම්
  • පුරුද්දක් ලෙස දුම්පානය කරන සතියකට වතාවක්වත් මත්වතුර පානය කරන අයෙක් නම්,
  • දවසකට පුවක් පැකට් එකක් වත් සපනවා නම්

ඔබට මුඛ පිළිකා වැළඳීමේ විශාල අවදානමක් තිබෙනවා.

ඒ නිසා ඉක්මනින් ළඟම දන්ත වෛද්‍යවරයා හමු වී මුඛය පරීක්ෂා කර ගන්න.

බුලත්විට, දුම්වැටි හා මත් වතුර භාවිතයෙන් වැළකීම මගින් ඔබට මුඛ පිළිකාව වැළඳීමේ අවදානම බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්.

guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x
Scroll to Top