හදවත් රෝගීන්(Heart Patients)ලුණු කෑම අඩු කරන්න ඕනි ඇයි ?

Heart disease by salt

මොකක්ද මේකේ වෛද්‍ය විද්‍යාත්මක පදනම ?

හදවත තමයි අපේ ශරීරයේ රුධිර පොම්පය විදියට ක්‍රියා කරලා, ඇඟ පුරා රුධිරය බෙදා හරින්නේ.

යම් හේතුවක් නිසා ඇඟේ මුළු රුධිර ප්‍රමාණය ගොඩක් වැඩි වුණොත්, වරකට විශාල රුධිර පරිමාවක් පොම්ප කරන්න වෙනවා.

හෘද රෝග තියෙන කෙනෙකුගේ හදවතට, මේ අමතර පොම්ප කිරීමේ වැඩ ප්‍රමාණය දරන්න අමාරුයි. 🤒

අධි රුධිර පීඩනය / ප්‍රෙෂර් (Hypertension ) තියෙන කෙනෙකුගේ හදවත කොහොමත් රුධිරය පොම්ප කරන්නේ පීඩනයකට එරෙහිව. රුධිර පරිමාව වැඩි වුණොත් පීඩනය වැඩි වෙලා හදවතට රුධිරය පොම්ප කර ගන්න බැරි වෙනවා.

හෘදයාබාධ (myocardial infarction) හැදුනු කෙනෙකුගේ හෝ, හදවත අකර්මන්‍ය වීමක් ( heart failure ) තියෙන කෙනෙකුගේ හදවත, මේ තත්ත්වයේදී ගොඩක් මහන්සි කරවීම නිසා තියෙන රෝග තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. 💔

ඉතින් මුළු රුධිර පරිමාව වැඩි වෙන එක හදවතට හොඳ නැහැ.

Heart acting as a pump

මේකට ලුණු සම්බන්ධ වුණේ කොහොමද ? 🤔

අපේ ඇඟෙන් 60% ක් හැදිලා තියෙන්නේ වතුර වලින්. නමුත් එයින් 5% ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි රුධිරයේ තියෙන්නේ.  විශාල වතුර ප්‍රමාණයක් තියෙන්නේ අපේ ඇඟේ  තියෙන සෛල ඇතුලේ.

ලුණු එහෙමත් නැත්නම් NaCl ලවණයට පුළුවන්, අපේ සෛල ඇතුලේ තියෙන ජලය, රුධිරවාහිනී ඇතුලට ඇදලා ගන්න. මේකෙ ප්‍රතිඵලයක් විදිහට හෘද රෝග තත්ත්ව දරුණු වෙන්න පුළුවන්.

මේ නිසා, ඔබ  ලුණු රසට කොයිතරම් කැමති කෙනෙක් වුණත්, හදවත නිරෝගීව තියාගන්න නම් කෑමට ගන්නා ලුණු ප්‍රමාණය සීමා කරන්න වෙනවා.

guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x
Scroll to Top