HIV ස්වයං පරීක්ෂණ කට්ටලය (HIV Self-Test Kit) ගැන දන්නවාද ?

HIV Self-Test Kit

HIV ස්වයං පරීක්ෂණ කට්ටලය (HIV Self-Test Kit) මඟින්, ඔබට HIV තියෙනවාද කියලා ඔබටම බලාගන්න පුළුවන්.

ඔබට HIV රෝගය වැළඳීමේ අවදානමක් ඇතැයි ඔබ සිතනවාද ? 🤔HIV රෝග පරීක්ෂාවක් සිදුව්කර ගැනීමට ලිංගාශ්‍රිත රෝග සායනයකට යන්නට ඔබ මැලිකමක් දක්වනවා ද ?

ඔබට HIV තිබෙනවාද කියලා, ඔබටම, ඔබේ නිවසේදීම, ඉතා පහසුවෙන් පරික්ෂා කරගෙන බලන්න පුළුවන්. මේ සඳහා ඔබ භාවිතා කළ යුතු HIV ස්වයං පරීක්ෂණ කට්ටලය (HIV Self-Test Kit) , දැන් ඔබට නොමිලේම ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.

HIV Self-Test Kit එක ඇණවුම් කරන්නේ කොහොමද ? 🤗

  • Know4sure.lk වෙබ් අඩවියට හෝ facebook පිටුවට පිවිසීමෙන්
  • HIV ස්වයං පරීක්ෂණ දුරකථන අංකය ඇමතීමෙන් – 071 637 9192

ඔබේ තොරතුරු සම්බන්ධ වන්නේ පරීක්ෂණ කට්ටල ලබා දෙන වෛද්‍යවරයා සමඟ පමණයි. ඔබේ තොරතුරු වල රහස්‍ය භාවය 100%ක් තහවුරු කෙරෙනවා.

එක් පරීක්ෂණ කට්ටලයකින් පරික්ෂා කරගත හැක්කේ එක් වරක් පමණයි. පරීක්ෂාවට අවශ්‍ය වන්නේ ඔබේ විදුරුමසින් ලබාගන්නා මුඛ තරලය පමණයි. 😁

ඔබ විසින් HIV මුඛ තරල පරීක්ෂාව සිදු කර ගන්නේ කොහොමද ? 🧏

  • ⭕පරීක්ෂණය ආරම්භ කිරීමට මිනිත්තු 15කට පෙර, කිසිම කෑමක් හෝ බීමක් ආහාරයට ගන්න එපා.
  • පරීක්ෂණය ආරම්භ කිරීමට මිනිත්තු තිහකට පෙර ඔබේ මුඛය සේදීම හෝ පිරිසිදු කිරීමෙන් වළකින්න.
  • ⭕හොඳ එළිය ඇති, සන්සුන් ස්ථානයක් සොයා ගන්න.
  • ⭕පැකට්ටුව විවෘත කර ඇසුරුම එළියට ගන්න
  • උපදෙස් පත්‍රිකාව හොඳින් කියවන්න
  • ⭕ඇසුරුම ඇතුලේ මුඛ සාම්පලය ගන්නා උපකරණය සහ, දියර අඩංගු පියන සහිත කුඩා නළයක් තිබෙනවා.
  • නළය ඉවතට ගෙන එය රඳවනය මත තබන්න
  • නළයේ පියන අරින්න
  • ඇසුරුමේ අනෙක් කොටසේ ඇති මුඛ සාම්පල ලබා ගන්නා උපකරණය එළියට ගන්න
  • උපකරණය සමඟ ඇති ගබඩා කරන ද්‍රව්‍ය අඩංගු පැකට්ටුව ඉවත දමන්න
  • ⭕මුඛ සාම්පලය ලබා ගන්න උපකරණයේ පැතලි කොටස කිසිම වෙලාවක අතින් අල්ලන්න එපා
  • ⭕උපකරණයේ පැතලි පැත්ත උඩු විදුරුමස දිගේ එක්වරක් ගෙනියන්න. පහල විදුරු මස දිගේත්, පැතලි පැත්ත එක්වරක් ගෙනියන්න.
  • උපකරණය මුඛයෙන් ඉවතට ගෙන, පැතලි පැත්ත රඳවනය තබාගත් නළය තුලට දමන්න.
  • ⭕මිනිත්තු විස්සකට පසුව ප්‍රතිඵලය කියවන්න. මිනිත්තු 40කට පසුව ප්‍රතිඵලය වැරදි විය හැකි නිසා කියවන්න එපා.

⭕C අකුර ඉදිරිපස රතු ඉරක් සහ, T අකුර ඉදිරිපස රතු ඉරක් තිබෙනවා නම්, ඔබට එච් අයි වී එච් අයි වී ආසාදනය වී තිබෙන්න පුළුවන්. වැඩිදුර පරීක්ෂණ සඳහා ළඟම ඇති ලිංගාශ්‍රිත රෝග සායනය වෙත යන්න. 0716379192  අංකය අමතා ඔබට වැඩිදුර උපදෙස් ලබා ගන්න පුළුවන්.

⭕C අකුර ඉදිරිපස රතු ඉරක් සහ T අකුර ඉදිරිපස ඉරක් නැත්නම් ඔබට HIV වැළඳී නැහැ. නමුත් පසුගිය මාස තුන ඇතුළත HIV වෛරසයට නිරාවරණය වූ බවට සැකයක් තිබෙනවා නම්, මාස 3 කින් නැවත මෙම පරීක්ෂණය සිදු කරන්න.

⭕C අකුරු ඉදිරිපස ඉරක් නැත්නම්, C හා T අකුරු දෙකටම ඉදිරියෙන් ඉරක් නැත්නම්, රතු පසුබිමක් තිබෙනවානම්, පරීක්ෂණය අසාර්ථකයි. නැවත පරීක්ෂණ කට්ටලයක් ගෙන නැවත පරීක්ෂාව සිදු කරන්න.

⭕නළයෙන් මුඛ සාම්පල ගන්න උපකරණය ඉවත්කර, නළයේ පියන වසා, සියල්ල පොදු අපද්‍රව්‍ය දමන කූඩයට දමන්න.

⭕ඔබ දැනටමත් HIV අසාදිත බවට හඳුනාගෙන, ප්‍රතිකාර ලබාගන්න අයෙක් නම්, මෙම පරීක්ෂණයෙන් නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.

✅ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් නොමිලේ ලබා දෙන මෙම සේවාව නිසා, ඔබටම ඔබේ HIV තත්ත්වය ඉතා පහසුවෙන් දැන ගැනීමට පුළුවන්.

ඔබේ HIV පරීක්ෂාව ඔබ විසින්ම වෙන් කරවා ගනිමින්, ඔබේ ආරක්ෂාව ඔබ විසින්ම සපයා ගන්න. ✨

guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x
Scroll to Top