අනිත් අයගේ දුක සතුට ඔබට තේරුම් කරවන Mirror නියුරෝන
වෙන කෙනෙක් කරන වැඩක් දිහා බලාගෙන ඉඳීමෙන් පමණක්, ඔබටත් ඒ වැඩේ කරන්න අවශ්‍ය නිපුණතාවය ලැබෙනවා කිව්වොත්, ඔබට මොකද හිතෙන්නේ ? 🤔
ඔබට මේ හැකියාව ලැබෙන්නේ, වෛද්‍ය විද්‍යාවේ අලුත්ම සොයාගැනීමක් වන, Mirror Neurons , එහෙමත් නැත්නම් කැඩපත් නියුරෝන නිසයි.
නියුරෝන , එහෙමත් නැත්නම් ස්නායු සෛල තමයි, අපේ මොළය ඇතුළු ස්නායු පද්ධතියේ තියෙන සෛල වර්ගය. අපේ ඇඟේ සිද්ධවෙන සියලුම දේවල් පාලනය කරන්නේ ස්නායු සෛල වලින්. 🧠
Mirror neurons වැඩ කරන්නේ කොහොමද ?
Mirror Neurone වල තියෙන විශේෂත්වය තමයි, ඔබ වෙන කෙනෙකු කරන වැඩක් දිහා බලා ඉඳිද්දී හෝ, ඒ දේම කරන්න උත්සාහ කරද්දී, මෙම ස්නායු සෛල වර්ගය ක්‍රියාත්මක වීම. 👀
අපි යම් වැඩක් දිහා ඇස් වලින් බලාගෙන ඉද්දී, ඊට අදාළ රූපය අපේ හිතේ ඇති කරවන්නේ, මොළයේ එක් කොටසක් විසින්. අපි ඒ දේම කරන්න හැදුවොත්, ඊට අදාළ ඇඟේ යාන්ත්‍රික ක්‍රියාව ( Action එක ) පාලනය කරවන්නේ මොළයේ තව කොටසක් විසින්.
Mirror Neurons කරන්නේ මේ කොටස් දෙක අතර සම්බන්ධතාව ඇති කරන එකයි.
Mirror neurons වල ප්‍රයෝජනය මොකක්ද ?
මේ නිසා යම් වැඩකට දක්ෂ කෙනෙක් ඒ වැඩේ කරන දිහා , අපි ප්‍රමාණවත් කාලයක් බලාගෙන හිටියොත්, අපිටත් ඒ වැඩේ කරන්න නිපුණතාවයක් ලැබෙනවා.
මේ නිසා තමයි ගොඩක් උපාධි පාඨමාලාවල සිසුන්ට ඒ ඒ ක්ෂේත්රයේ ප්‍රවීණයන් වැඩ කරන විදිය නිරීක්ෂණය කරන්න කාලයක් වෙන් කරලා තියෙන්නේ.
උදාහරණයක් විදිහට වෛද්‍ය ශිෂ්‍යයන් අවුරුදු තුනක් විතර, සැත්කම් පිහියක් අතින්වත් අල්ලන්නේ නැතුව, ශල්‍යකර්ම සිදු කරන විදිහ නරඹනවා. නමුත් Mirror Neurons නිසා, ඒ කරන දෙයින් ප්‍රයෝජනයක් තියෙනවා. 👨⚕👩⚕
ඊට අමතරව, අනිත් අය කරන දේවල් දකිද්දී, අපට දැනෙන හැඟීම තීරණය කරන්නත් Mirror Neurons උදව් වෙනවා. ඔබ ළඟ ඉන්න කෙනෙක් හිනා වෙද්දී ඔබේ හිතට සතුටක් දැනෙනවා. තව කෙනෙක් අඬද්දි ඔබට දුකක් දැනෙනවා.
මේ විදිහට වෙන අය කරන දේවල් අනුව, ඔබේ හිතට අදාල හැඟීම දැනෙන විදිහට programme වෙලා තියෙන්නේ, mirror neurons නිසයි. මේ නිසා අනෙක් අයගේ හැඟීම් වලට සංවේදී වෙන්න, අපේ තුළ සහකම්පනය (empathy) ගොඩ නැගෙන්න Mirror Neurons උදව් වෙනවා. 🫂
Mirror neurons කියන්නේ තවමත් වෛද්‍ය විද්‍යාව තුළ පරීක්ෂණ මට්ටමේ තියන විෂය පථයක්. අනාගතයේ දී Mirror neurons ගැන තවත් දේවල් දැන ගන්න අපට පුළුවන් වේවි. 🧘♂️