දරුවන්ට උපත් ආබාධ ඇති කරවන Toxoplasmosis පරපෝෂිතයා

Toxoplasmosis Pregnancy Pets Cats

ඔබ ගර්භණී මවක් නම්, සුරතල් පූසන් ඇතිකිරීම, ඔබේ නූපන් බිළිඳාට හානිදායක විය හැකි බව ඔබ දැන සිටියාද ?

පූසන්ගේ අහාර මාර්ගය වාසස්ථානය කරගත්, toxoplasmosis නම් පරපෝෂිතයෙක් ඉන්නවා. පූසන් මලපහ කරනවිට ඒ එක්කම, toxoplasmosis පරපෝෂිතයාගේ ජන්මාණු (sporulated oocytes) දහස් ගණනක් නිකුත් වෙනවා.

මේ ජන්මාණු ඔබේ අතේ තැවරිලා, ආහාර ගනිද්දී හෝ ශ්වසනයෙන් හෝ, ඔබේ ඇඟට ඇතුළු වුණොත්, භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම, ඔබ ආහාරයට ගන්නා එළු මස්, ඌරු මස් වල මේ පරපෝෂිතයාගේ ජීවන චක්‍රයේ එක් අවස්ථාවක් ඉන්න පුළුවන්. (Cyst) හොඳින් පිස නොගත් මස් ආහාරයට ගැනීමත් මේ රෝගය වැළඳීමට ඇති අවදානමක්.

ගර්භනී සමයේ toxoplasmosis රෝගය වැළඳුණොත් වෙන හානිකර ප්‍රතිඵල මොනවාද ? 🤒

  • ගර්භණී සමය තුළ toxoplasmosis වැළඳුණොත් ඔබට ගර්භණී සමයේදී සංකූලතා ඇති වෙන්න පුළුවන්. අඩු මාස දරු උපත් , දරුගැබ අහිමිවීම වගේ දේවල් වුණත් වෙන්න පුළුවන්.
  • ඒ වගේම මේ පරපෝෂිතයාගේ trophozoite කියන ජීවන චක්‍ර අවස්ථාවට, වැදෑමහ හරහා ගමන් කරලා ඔබේ බිලිඳාගේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්.
  • එහෙම වුනොත් ඔබේ බිළිඳා ඉපදුනාට පස්සේ, සංකූලතා රැසකට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. සෙංගමාලය, අක්මාව හා ප්ලීහාව ඉදිමීම, අක්ෂි ආබාධ, මානසික ආබාධ, නිව්මොනියා වගේ ආබාධ වලට ඔබේ දරුවා ගොදුරු විය හැකියි.

රෝගයෙන් ආරක්ෂා වීමට ඔබ ගතයුතු පියවර මොනවාද? 🤔

  • ගර්භනී සමයේදී පුසන්ගේ මලපහ ඉවත් කිරීමේ කටයුතු සිදු කරන්න එපා. ඔබ ඔබේ සුරතල් පූසාට කොතරම් ඇලුම් කළත්, ගර්භනී සමයේදී සමයේදී පුසන් අසල ගැවසීම අවම කිරීම වඩාත් ආරක්ෂිතයි.
  • උද්‍යාන කටයුතු කරනවා නම් gloves පාවිච්චි කරන්න. ගෙදර පූසෙක් ඉන්නවනම් ආහාර ගන්න කලින් අත සබන් යොදා හොඳට සෝදන්න. උණු කර නිවා ගත් ජලය පානය කරන්න.
  • මස් ආහාරයට ගන්නවා නම්, හොඳින් පිසූ මස් පමණක් ආහාරයට ගන්න. මස් පිළියෙල කිරීමේ කටයුතුවලදී, එළවළු වැනි අනෙක් ආහාර සමඟ ගෑවෙන්නෙ නැති විදිහට වෙනම cutting board එකක් පාවිච්චි කරන්න.

Toxoplasmosis පරපෝෂිතයාගේ රූපයක්, ඔබට පහතින් බලා ගන්න පුළුවන්.

Toxoplasmosis
Toxoplasmosis MedTalks
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x
Scroll to Top